ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි


සපුගස්කන්ද විදුලි උප-පොළෙහි හදිසි අලුත්වැඩියාවක් හේතුවෙන් හෙට (23) උදෑසන 9 සිට ගම්පහ ප්‍රදේශයේ පැය 6ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව පහත ප්‍රදේශ සඳහා ජල සැපයුම තාවකාලිකව අත්හිටුවීමට නියමිතය.

පෑලියගොඩ, වත්තල, ජා ඇල, කටුනායක/සිදුව නගර සභා බල ප්‍රදේශ කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා ඇළ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසක්.

 



Recommended Articles