ගම්පහ දිස්ත්‍රික්කයේ ‌දෛනික ආසාදිතයින් ඉහළට


ගම්පහ දිස්ත්‍රික්කයේ මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අද (18) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල 261 දෙනෙකු වන වැඩිම  කොරෝනා ආසාදිතයින් හමුවෙද්දී දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 2046 දෙනෙකු වාර්තා ඇත.  

දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවියෙහි මේ බව සදහන් වන අතර දිස්ත්‍රික්කයේ සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන්ගෙන් ආසාදිතයින් හමුවීම දිවුලපිටිය  - 239 ක්,  කටාන  - 191 ක්,  ගම්පහ  - 183 ක්,  බියගම  - 176 ක්,  වත්තල  - 172 ක්,  සීදූව - 164 ක්,  මිනුවන්ගොඩ  - 127 ක්,  මීරිගම   - 125 ක්,  ජාඇල - 102 ක්, රාගම  - 92 ක්,  මීගමුව සහ කැලණිය කොට්ඨාසයන්ගෙන් - 56 දෙනෙකු බැගින්,  අත්තනගල්ල  - 55 ක් සහ දොම්පෙ කොට්ඨාසයෙන් - 47 ක් වශයෙන් සිදුව ඇත. 

දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව පැය  24 ක් තුල ආසාදිතයින් 71 දෙනෙකු හමුව ඇති බවත් එය ආයෝජන කලාපය කටුනායකකින් - 52 දෙනෙකු වශයෙන්ද, බියගමින්  - 9 ක් සහ වෙනත් කර්මාන්තශාලා ආශ්‍රිතව 10 දෙනෙකු වශයෙන් සිදුව ඇති බව වෙබ් අඩවියෙහි සදහන්ය.

පැය 24 ක කාලය තුල ආසාදිතයින් 392 දෙනෙකු දිස්ත්‍රික්කයේ රෝහල් වෙත ඇතුලත් කොට ඇති අතර සැක සහිත රෝගීන් 59 දෙනෙකු ප්‍රතිකාර මධ්‍යස්ථානයන්ට යොමු කොට ඇත. 

නිරෝධායනයට ලක් කොට ඇති ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් සංඛ්‍යාව 29,594 දෙනෙකි.  

ගම්පහ තිලකරත්න දිසානායක



Recommended Articles