ගම්පහ දිස්ත්‍රික්කයේ බේකරි පරීක්ෂාවට


අඩු බරින් යුත් පාන් නිපදවන බේකරි සහ අඩු බර පාන් අලෙවි කරනු ලබන වෙළඳුන් නීතියේ රැහැනට හසු කර ගැනීම පිනිස මිනුම් ඒකක , ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුව සහ පාරිභෝගික කටයුතු අධිකාරිය ඒකාබද්ධව ගම්පහ දිස්ත්‍රික්කය පුරා වැටලීම් ආරම්භ කොට ඇත. 

මෙම අංශ දෙකෙහි නිලධාරීන් විසින් (9) දිනයේ ගම්පහ අවට සිදු කළ පරීක්ෂාවේදී බේකරි වැඩි ප්‍රමාණයක සහ වෙළඳසල්වල අලෙවිය පිනිස තිබූ අඩු බරින් යුත් පාන් අත් අඩංගුවට ගනිමින් එම බේකරි හිමිකරුවන්ට සහ වෙළඳුන්ට නඩු පැවරීමට පියවර ගත්හ.

ගම්පහ තිලකරත්න දිසානායක



Recommended Articles