ගම්පහ දිස්ත්‍රික්කයේ පැය 24ක් තුළ ‌ආසාදිතයින් 1827ක්


ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් අද (12) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල 1827 දෙනෙකු හමුව ඇති බවත් මින් 233 දෙනෙකු වන  වැඩිම පිරිස මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය දත්ත සදහන් කරයි.

දිස්ත්‍රික්කයේ සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස අනුව ආසාදිතයන් හමුවීම මිනුවන්ගොඩ කොට්ඨාසයෙන් - 222 ක්,  කැලණිය  - 180 ක්,  බියගම  - 178 ක්, දිවුලපිටිය  - 160 ක්,  මීරිගම  - 147 ක්,  අත්තනගල්ල  - 130 ක්,  දොම්පෙ - 123 ක්,  මීගමුව  - 119 ක්, වත්තල  - 102 ක්,  ජාඇල  - 85 ක්,  රාගම  - 73 ක්,  ගම්පහ  - 43 ක් සහ  කටාන කොට්ඨාසයෙන් ආසාදිතයින්  32 ක් වශයෙන් සිදුව ඇත. 

පැය 24 ක කාලය තුල දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 45 දෙනෙකු හමුව ඇති බවත් එය ආයෝජන කලාපය කටුනායකකින්  - 40 ක් සහ බියගමින් ආසාදිතයින්  - 5 දෙනෙකු වශයෙනි. 

එම කාලය තුල ආසාදිතයින් 511 දෙනෙකු දිස්ත්‍රික්කයේ රෝහල් වෙත ඇතුලත් කොට ඇති බවත් සැක සහිත රෝගීන් 110 දෙනෙකු අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයන්ට ඇතුලත් කොට ඇති බවත් දත්තයන්හි සදහන්ය.

ඔක්සිජන් සහිත ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 309 දෙනෙකි. 

නිවාසවල ස්වයං නිරෝධායනයට ලක් කොට ඇති ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් සංඛ්‍යාව 34,292 දෙනෙකි. 

 



Recommended Articles