ගම්පහ දිස්ත්‍රික්කයේ පැය 24ක් තුළ ආසාදිතයින් 2000ක්


ගම්පහ දිස්ත්‍රික්කයෙහි  කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිතයින් සංඛ්‍යාව 81,082 දෙනෙකු දක්වා ඉහළ යද්දී අද (11)උදෑසන වනවිට පැය 24 ක කාලය තුල ආසාදිතයින් 2000 ක් හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය දත්ත සදහන් කරයි. 

මින් 240 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන අතර සෙසු කොට්ඨාස ආශ්‍රිතව ආසාදිතයින් හමුවීම , මහර  - 236 ක්,  බියගම සහ සීදූව කොට්ඨාසයන්ගෙන්  - 220 දෙනෙකු බැගින්,  වත්තල  - 176 ක්,  මීරිගම  - 156 ක්,  ගම්පහ  - 143 ක්,  අත්තනගල්ල  - 130 ක්,  කැලණිය  - 123 ක්,  ජාඇල සහ කටාන  කොට්ඨාසයන්ගෙන් ආසාදිතයින්  - 106 දෙනෙකු බැගින් , රාගම  - 45 ක්,  මීගමුව  - 43 ක්, දොම්පෙ  - 36 ක් සහ දිවුලපිටිය  - 20 වශයෙන් සිදුව ඇති බව එහි සදහන්ය. 

දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව පැය 24 තුල ආසාදිතයින් 38 දෙනෙකු හමුව ඇති අතර එම කාලය තුල ආසාදිතයින් 411 දෙනෙකු ප්‍රතිකාර පිනිස රෝහල් ගත කිරීමටත් සැක සහිත රෝගීන් 83 දෙනෙකු දිස්ත්‍රික්කයේ  අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයන්ට ඇතුලත්  කිරීමටත් පියවර ගෙන ඇත. මින් ඔක්සිජන් සහිත ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 324 දෙනෙකි. 

ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 26,778 දෙනෙකු ඊයේ වනවිට  නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බව දත්තයන්හි සදහන්ය.  

ගම්පහ තිලකරත්න දිසානායක



Recommended Articles