ගම්පහ දිස්ත්‍රික්කයේ දෛනික ආසාදිතයින් ඉහළට


ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් අද (21) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල 1941 හමු වෙද්දී කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිතයින් සංඛ්‍යාව 100,685 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.

දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවියෙහි මේ බව සඳහන් වන අතර දිස්ත්‍රික්කයේ ආසාදිතයින්  - 246 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් පිරිසක් මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති බව එහි සදහන්ය. 

දිස්ත්‍රික්කයෙහි සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස ආශ්‍රිතව පැය 24 ක් තුල  ආසාදිතයින් හමුවීම වත්තල කොට්ඨාසයෙන්  - 207 ක්,  බියගම  - 206 ක්,  ගම්පහ  - 192, ජාඇල  - 168 ක්,  දොම්පෙ  - 144 ක්,  අත්තනගල්ල  - 130 ක්,  මීරිගම  - 121 ක්,  මිනුවන්ගොඩ  - 108 ක්,  කැලණිය  - 84 ක්,  කටාන  - 76 ක්,  මීගමුව  - 75 ක්, දිවුලපිටිය  - 70 ක්,  සීදූව  - 65 ක් සහ රාගම කොට්ඨාසයෙන් ආසාදිතයින්  - 49 දෙනෙකු වශයෙන් සිදුව ඇත. 

කර්මාන්තශාලා ආශ්‍රිතව පැය 24 ක කාලය තුල ආසාදිතයින් - 111 දෙනෙකු හමුව ඇති බවත් එම කාලය තුල දිස්ත්‍රික්කයෙහි රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන 19 ට ආසාදිතයින් 477 දෙනෙකු දෙනෙකු යොමු කොට ඇති බවත් වෙබ් අඩවියෙහි සදහන්ය.

එම රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානයන්හි ඔක්සිජන් සහිත ප්‍රතිකාර  ලබන ආසාදිතයින් සංඛ්‍යාව 469 දෙනෙකි. 

නිවාසයන්හි ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් සංඛ්‍යාව 27,386 දෙනෙකි. 

ගම්පහ  -  තිලකරත්න දිසානායක

 



Recommended Articles