ගම්පහ දිස්ත්‍රික්කයේ දෛනික ආසාදිතයින් ඉහළට


ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 1825 දෙනෙකු අද  (16) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල හමුව ඇති අතර 222 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි.

දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවියෙහි සදහන් අන්දමට දිස්ත්‍රික්කයේ සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස ආශ්‍රිතව ආසාදිතයින් හමුවීම මහර  - 215 ක්,  ජාඇල  - 201 ක්,  වත්තල  - 198 ක්,  ගම්පහ  - 187 ක්,  කැලණිය  - 159 ක්,  මිනුවන්ගොඩ  - 155 ක්, සීදූව  - 146 ක්,  මීරිගම  - 109 ක්,  අත්තනගල්ල  - 90 ක්,  කටාන  - 45 ක්,  දොම්පෙ  - 44 ක්,  මීගමුව - 22 ක්, රාගම  - 18 ක් සහ දිවුලපිටිය කොට්ඨාසයෙන්  - 14 දෙනෙකු වශයෙන් සිදුව ඇත.

ගතවු පැය 24 ක කාලය තුල තුල දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 83 දෙනෙකු හමුව ඇති බවත් එම කාලය තුල ආසාදිතයින් 562 කු රෝහල් ගත කොට ඇත. සැක සහිත රෝගීන් 81 දෙනෙකු රෝහල් ගත කොට ඇති අතර ඔක්සිජන් සහිත ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 383 දෙනෙකි. 

නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් සංඛ්‍යාව 28,460 දෙනෙකි.  

 

 



Recommended Articles