ගම්පහ දිස්ත්‍රික්කයේ දෛනික ආසාදිතයින් ඉහළට


ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (31) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 865 දෙනෙකු හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි. 

එය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව මීරිගම  - 100 ක්,  බියගම  - 98 ක්,  කැලණිය  - 87 ක්, වත්තල  - 82 ක්,  ජාඇල  - 79 ක්,  මහර  -  71 ක්, සීදූව  - 62 ක්,  දොම්පෙ  - 60 ක්,  ගම්පහ  - 54 ක්,  දිවුලපිටිය  -  51 ක්,  අත්තනගල්ල  - 45 , රාගම  - 30 ක්,  කටාන  - 26 ක්,  මීගමුව  - 15 ක් සහ මිනුවන්ගොඩ  - 5 දෙනෙකු වශයෙනි. 

දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 30 දෙනෙකු එම කාලය තුල හමුව ඇත.

ගතවූ පැය 24 තුල ආසාදිතයින් 392 දෙනෙකු දිස්ත්‍රික්කයේ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කොට ඇති අතර සැක සහිත රෝගීන් 144 දෙනෙකු රෝහල් ගත කොට ඇති බවත් වෙබ් අඩවියෙහි සදහන්ය. 

ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 14,850 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.

තිලකරත්න දිසානායක



Recommended Articles