ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයින් ගණන 12,278 දක්වා ඉහළට


ගම්පහ දිස්ත්‍රික්කය තුළ අද දින සවස 4.00 න් අවසන් පැය 24 ක කාලය තුළ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 259 දෙනෙකු වාර්තා වී ඇති අතර , ඒ අනුව මේ දක්වා කොරෝනා ආසාදිත රෝගීන් 12,278 දෙනෙකු වාර්තා වී ඇති බව ද ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

අද දිනයේ වාර්තා වී ඇති රෝගීන් අතර වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් 36 දෙනෙකු ද , මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් 34 දෙනෙකු ද , ජා - ඇල කොට්ඨාසයෙන් 27 දෙනෙකු ද , බියගම කොට්ඨාසයෙන් 21 දෙනෙකු ද , ගම්පහ කොට්ඨාසයෙන් 20 දෙනෙකු ද , කැළණිය කොට්ඨාසයෙන් 20 දෙනෙකු සිටින බව වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

 



Recommended Articles