ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයින් ගණන 10,000 සිමාව ඉක්මවයි


ගම්පහ දිස්ත්‍රික්කය තුළින් වාර්තා වන කොරෝනා වෛරසය ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව 10,000 සීමාව ඉක්මවා ගොස් ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .

ඒ අනුව අද දින සවස 4.00 න් අවසන් පැය 24 ක කාලය තුළ ගම්පහ දිස්ත්‍රික්කය තුළින් කොරෝනා ආසාදිත රෝගීන් 176 දෙනෙකු වාර්තා වී ඇති අතර , එම නිසා ගම්පහ දිස්ත්‍රික්කය තුළ මේ දක්වා මෙතෙක්  වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 10,179 ක් බව ද වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .

මෙම කොරෝනා ආසාදිතයන් පිරිස සොයා ගැනීම සදහා අද දින වනවිට පී.සී.ආර්.පරීක්ෂණ 148,109 ක් ගම්පහ දිස්ත්‍රික්කය පුරා සිදු කර ඇති බව ද වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය.

අද දින ගම්පහ දිස්ත්‍රික්කයට අයත්  දොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් 25 දෙනෙකු ද , මීරිගම කොට්ඨාසය තුළින් 24 දෙනෙකු ද , ගම්පහ කොට්ඨාසයෙන් 23 දෙ දෙනෙකු ද , මහර කොට්ඨාසයෙන් 21 දෙනෙකු ද , බියගම කොට්ඨාසය තුළින් 20 දෙනෙකු ද , කටුනායක සීදුව කොට්ඨාසය තුළින් 14 දෙනෙකු ද වශයෙන් කොරෝනා ආසාදිත රෝගීන් සොයාගෙන ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය .

එසේම සීදුව පොලීසියේ නිලධාරීන් තවත් 02 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කර තිබේ .

 

 



Recommended Articles