ගම්පහ දිස්ත්‍රික්කයට කොරෝනා ප්‍රතිකාර සදහා නව රෝහල් දෙකක්


ගම්පහ දිස්ත්‍රික්කය තුළ සීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වෛරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා නව රෝහල් දෙකක් ඉදි කිරීමට පියවර ගනිමින් සිටින බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .

මේ සදහා දැනට වතුපිටිවල තරුණ මධ්‍යස්ථානයත් , ගම්පහ මහ රෝහල අසළ ස්ථානයක් ද තෝරා ගෙන ඇති බව වෛද්‍ය මිගාර ඈපා මහතා සදහන් කළේය .

මෙම රෝහල් වල ඉදි කිරීම් කටයුතු ශ්‍රී ලංකා යුධ හමුදාව ප්‍රමුඛ ආරක්ෂක අංශ මගින් සිදු කිරීමට නියමිත අතර , මෙම රෝහල් වල ඉදි කිරීම් කඩිනමින් නිමා කිරීමට රජය උපදෙස් දී ඇති බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය .

මේ අතර 10/26 දිනයේ ගම්පහ දිස්ත්‍රික්කය තුළින් කොරෝනා ආසාදිත රෝගීන් 123 දෙනෙකු වාර්තා වන අතර ,බියගම ප්‍රදේශයෙන් 52 ක් ද , ගම්පහ ප්‍රදේශයෙන් 51 දෙනෙකු ද ඒ අතර වාර්තා වී සිටින බව ද ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය 

කටුනායක ටී.කේ.ජී.කපිල



Recommended Articles