ගම්පහ දිස්ත්‍රික්කය තුළින් තවත් ආසාදිතයින් 111ක්


11/01 දින රාත්‍රී 8.00 වනවිට ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොරෝනා ආසාදිත රෝගීන් 111 දෙනෙකු සොයාගෙන ඇති අතර , ඒ අනුව මේ දක්වා මෙම දිස්ත්‍රික්කය තුළින් කොරෝනා ආසාදිත රෝගීන් 3137 ක් හමු වී ඇති බවත් , ඒ සදහා පී.සී.ආර්.පරීක්ෂණ 47258 ක් සිදු කර ඇති බවත්  ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .

ඒ අනුව 11/01 දින බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 22 ක් ද ,

කැළණිය කොට්ඨාසයෙන් 17 ක් ද , මහර කොට්ඨාසයෙන් 27 ක් ද , වත්තල කොට්ඨාසයෙන් 25 ක් ද , මිනුවන්ගොඩ කොට්ඨාසයෙන් 02 ක් වශයෙන් ද මෙම වෛරසය ආසාදිත රෝගීන් සොයාගෙන තිබේ .

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කය තුළ පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් වන සහ ඊට අයත් නොවන කර්මාන්තශාලා 40 ක් තුළින් 11/01 දින කොරෝනා ආසාදිත සේවකයින් 524 දෙනෙකු සොයාගෙන ඇති බව ද වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .

ඒ අනුව කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා 25 කින් කොරෝනා ආසාදිත සේවකයින් 420 ක් ද , බියගම නිදහස් වෙළෙඳ කළාපය තුළ ඇති කර්මාන්තශාලා 04 කින් මෙම වෛරසය ආසාදිත සේවකයින් 12 දෙනෙකු ද , ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් නොවන කර්මාන්තශාලා 11 කින් මෙම වෛරසය ආසාදිත සේවකයින් 92 දෙනෙකු ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් 11/01 දින වනවිට සොයාගෙන තිබේ .

කටුනායක ටී.කේ.ජී.කපිල



Recommended Articles