ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොවිඩ් ආසාදිත තත්ත්වය


කටාන ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක සේවය කරන සේවකයින් 55 දෙනෙකු අද දින කොරෝනා වෛරසයට ගොදුරු වී ඇතැයි ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කය තුළ අද දින කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 334 දෙනෙකු බව වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

මෙම කොරෝනා ආසාදිතයන් දිස්ත්‍රික්කය තුළ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස තුළින් 257 දෙනෙකු ද , දිස්ත්‍රික්කය තුළ පිහිටි රෝහල් සහ වෛද්‍ය මධ්‍යස්ථාන තුළින් 77 දෙනෙකු ද වාර්තා වී තිබේ .

එසේම අද දින ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොරෝනා ආසාදිතයන් සොයා පී.සී.ආර්.පරීක්ෂණ 2,998 ක් සිදු කර ඇති බව ද ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවසීය .

 



Recommended Articles