ගම්පහ තවත් රෝහල් තුනක් කොරෝනා රෝගී ප්‍රතිකාර වෙනුවෙන් වෙන් කරයි


කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම පිණිස ගම්පහ දිස්ත්‍රික්කයේ තවත්  රෝහල් තුනක් යොදා ගැනීමට සැලසුම් කොට ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි. 

දොම්පෙ , රදාවාන සහ දිවුලපිටිය යන රජයේ රෝහල් මෙලෙස යොදා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු යොදා ඇති බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිලධාරී මිගාර ඈපා මහතා පැවසීය. 

මේ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ රෝහල ඇතුලුව කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම පිණිස රෝහල් හතරක් වෙන් කෙරෙන බවත් රාගම සහ මීගමුව යන මහ රෝහල් දෙකට අමතරව ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල කොරෝනා රෝගීන් බවට සැකකෙරෙන පිරිස් සදහා ප්‍රතිකාර සඳහා යොදා ගෙන ඇති බවත් අප කළ විමසුමකට පිළිතුරු දෙමින් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවසීය. 

ගම්පහ තිලකරත්න දිසානායක



Recommended Articles