ගම්පහ කොවිඩ් රෝගින් 7003ක් නිවෙස්වල


කොරෝනා ආසාදිතයින් බවට හදුනාගෙන ඇති එහෙත් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන 7003 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කය තුල නිවෙස්වල රැදී සිටින හෝ සිටින  ස්ථානය නොදන්නා බව අද (10) පැවති දිස්ත්‍රික් කොවිඩ් කමිටු රැස්වීමේදී ප්‍රකාශ විය.

මෙම පිරිස රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම මත රෝහල් ගත කිරීමට සහ ඔවුන් සොයා ගැනීමට පියවර ගන්නා බවත් මේ සදහා ග්‍රාමීය කමිටුවල සහායද සෞඛ්‍ය අංශ වෙත ලබා ගැනීමේ අවශ්‍යතාව මෙහිදී සාකච්ඡා කෙරිණි. 

මෙම ආසාදිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීම පිනිස යුධ හමුදාව සමග සාකච්ඡා කොට ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා සදහන් කළේය 

මේ වන විට ආසාදිතයින් 4046 දෙනෙකු ප්‍රතිකාර පිනිස යොමු කොට ඇති අතර නිවාසවල සිටින ආසාදිතයින්ගෙන් දිනකට 60 දෙනෙකු පමණ රෝහල් ගත කෙරෙන බවත් මෙහිදී අනාවරණය විය. 

ගම්පහ  තිලකරත්න දිසානායක



Recommended Articles