ගම්පහ අවට ප්‍රදේශ රැසක මත්කුඩු බෙදු තවත් ජාවාරම්කරුවෙකු සොයා ගනියි


ගම්පහ ඇතුලු අවට ප්‍රදේශයන්ට මත්කුඩු බෙදා හැරීමේ ජාලයක පස් වැන්නාද හෙරෝයින්  ග්‍රෑම් 110 ක ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගැනීමට ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව ඇත.

මෙම ජාලයේ සිවු දෙනෙකු මීට පෙර මෙම කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලැබූ බවත් පස් වැන්නා ත්‍රීරෝද රථයකින් කොළඹ ප්‍රදේශයේ සිට අතුරු මාර්ග ඔස්සේ ජාඇල , කොටුගොඩ දක්වා යමින් සිටියදී මාකෙවිට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබූ බවත් කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් ගුණවර්ධන මහතා පැවසීය. 

සැකකරු කොළඹ ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි තැනැත්තෙකු වන මොහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 110ක් සමග හෙරොයින්වල බර කිරා බැලීමට යොදා ගන්නා ඉලෙක්ට්‍රොනික්  තරාදියක්ද ත්‍රීරෝද රථයේ තිබී පොලීසිය  සොයාගෙන ඇත. 



Recommended Articles