ගමන් බලපත්‍ර පෝලිමේ දරු ප්‍රසූතියක්


බත්තරමුල්ල, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ගමන් බලපත්‍ර ලබාගැනීමේ පෝලිමේ රැඳී සිටි ගැබිනි මවක් අද (7දා) අළුයම දරුවෙකු ප්‍රසූත කර තිබේ.

 යුධ හමුදා සෙබළුන් විසින් පෝලිමේ  ප්‍රසූත වේදනාවෙන් සිටි ගැබිනි මාතාව දැක ඇයව කාසල් රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇත.

ඇය 26 හැවිරිදි හැටන් ප්‍රදේශයේ පදිංචි කාරියෙකි.

මේ වන විට මව සහ දරුවා  හොඳ සෞඛ්‍ය තත්වයෙන් බොරැල්ල කාසල් රෝහලේ පසුවන බව වාර්තා වේ.



Recommended Articles