ගතවු පැය 24ට නීති කැඩු 1,015ක් අත්අඩංගුවට


ගතවු පැය 24 ක කාලය තුළ එනම් ඊයේ (01) උදෑසන 6 සිට අද (02) උදෑසන 6 දක්වා ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1,015ක් අත්අඩංගුවට ගෙන තිබේ.

එම කාලයේ දී වාහන 254 ක්ද අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

ඒ අනුව ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ මාර්තු 20 වන දින සිට අද දක්වා පුද්ගලයින් 9,466 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට පත් සමස්ත වාහන සංඛ්‍යාව 2,332 ක් බව ද පොලීසිය පවසයි.



Recommended Articles