ගතවු පැය 24ක් තුළ නිරෝධායන නීති කැඩු පිරිසක් අත්අඩංගුවට


ගත වූ පැය 24ක කාලය තුළ නිරෝධායන නීති කඩකල පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මුහුණු ආවරණ නොපැලඳීම සහ දුරස්ථභාවය පවත්වාගෙන නොයාම යන සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිළිනොපැදීම් සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

ඒ අනුව ඔක්තෝබර් 30වන දින සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන රීතීන් කඩකල පුද්ගලයින් 3,202ක් අත්අඩංගුවට ගෙන තිබේ. 

 



Recommended Articles