ගතවු පැය 24ක් තුළ නිරෝධායන ඇදිරි නීතිය කඩ කළ 150ක් අත්අඩංගුවට


ගතවු පැය 24ක කාලය තුළ නිරෝධායන ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයින් 150 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ඊයේ (6) දිනයේ පොලිස් භාරයට ගත් රථවාහන සංඛ්‍යාව 21ක් බවයි.

ඒ අනුව මේ දක්වා නිරෝධායන ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයින් 2,600 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් භාරයට ගත් රථවාහන සංඛ්‍යාව 403ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.



Recommended Articles