ගතවු පැය 24ක් තුළ ඇඳිරි නීතිය කඩ කර 1490ක් අත්අඩංගුවට


අද උදෑසන 6.00න් අවසන් වු පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය කඩ කල පුද්ගලයින් 1490 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම කාල සිමාව තුළ රථවාහන 498ක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

ඒසේම ඇඳිරි නීතිය පැනවු දිනයේ සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 70,042 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් භාරයට ගත් වාහන සංඛ්‍යාව 19,856ක් වෙයි.



Recommended Articles