ගණන් හරියට කරන්නැයි පාඨලි ඇමති කංචනට කියයි


ලංකා විදුලි බල මණ්ඩලය අගෝස්තු මාසයේදී ගාස්තු ඉහළ දැමිම කටයුතු නොකලානම ඔක්තෝබර් මාසයේදී ලංවිම අලාභය රුපියල් බිලියන 11ක් වෙනු ඇතැයි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඇමති කංචන විජේසේකර මහතා ඊයේ සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කළේ ලංවිම ඔක්තෝබර් හා නොවැම්බර් මාසයේදී ලංවිම මෙහෙයුම් ලාභයක් ලැබීමට හේතු වූයේ ගාස්තු වැඩි කිරීම නොව ජල විදුලි උත්පාදනය වැඩිවීම බවයි.

ඔක්තෝබර්  හා නොවැම්බර් මාසවලදී ලංවිම පිළිවෙළින් ජල විදුලියෙන් ගෙගාවොට් පැය 635.5ක් හා 655.0ක් නිපදවා ඇති බව පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

එසේම අගොස්තු මාසයේදී ජල විදුලි උත්පාදනය ගොගාවොට් පැය 633.9ක් බවද ඔහු පෙන්වා දෙයි. එම මාසයේදී පූර්ණ වශයෙන් ගාස්තු ඉහළ දැමීමක් සිදු වුවත් ලංවිම අලාභය රුපියල් බිලියන 9ක් බව මන්ත්‍රීවරයා පවසයි.

“ඇමතිතුමනි, මෙවැනි අසත්‍ය සහ නොමග යවන සුළු ප්‍රකාශ කිරීමට පෙර ඔබේ ගණිතය නිවැරදිව කරන්න.” යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසයි.

 



Recommended Articles