ගජමුතු සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට


මාතර, කොප්පරාවත්ත, කොස්ගස් හන්දිය ප්‍රදේශයේදී ගජමුතු සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, මාතර නාවික හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් ලබාදුන් තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකායේ දෙනියාය කදවුරේ නිලධාරීන් සිදුකළ වැටලීමකදීයි.

සැකකරු සන්තකයේ තිබී ගජමුතු 5 ක් සොයාගෙන තිබෙනවා.

අදාළ සැකකරු වැඩිදුර විමර්ශන සදහා මාතර වනජීවි කාර්යාලය වෙත භාරදුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

 

 



Recommended Articles