ගංවතුර නිසා කිලිනොච්චි සහ යාපනයේ සියලුම පාසල් නිවාඩු


පවතින අධික වර්ෂාව හා ගංවතුර තත්වය හේතුවෙන් කිලිනොච්චිය සහ යාපනය දිස්ත්‍රික්කයේ සියලුම පාසල වෙතට අද (07දා) දිනයේදී නිවාඩු ලබා දීමට පියවර ගෙන ඇති බව උතුරු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ලේකම් එම්.ඉලංකෝවන් මහතා කියා සිටියේය.

පසුගිය 03 සහ 04 දිනයන්හි බුරවී සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් පාසල් ළමුන්ගේ ආරක්ෂාව උදෙසා උතුරු පළාතේ සියලුම පාසල් වෙතට නිවාඩු ලබා දීමට උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය විසින් පියවර ගනු ලැබුවාය.

නමුත් බුරවි සුළිකුණාටුව පහව ගියද පසුගිය දින කිහිපය තුළදී නොකඩවා යාපනයට සහ කිලිනොච්චි දිස්ත්‍රික්කයට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් එම දිස්ත්‍රීක්කයන් දෙකේම ගංවතුර තත්වක් උදා වී ඇත.

 



Recommended Articles