ගංජා හා මත්කරල් සමග පී.සී. අත්අඩංගුවට


වැලිකඩ පොලිස් ස්ථානයට අනුයුක්ත කොස්තාපල්වරයෙකු ගංජා සහ මත්කරල් සන්තකයේ තබාගෙන සිටියදී  වැල්ලම්පිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර කොස්තාපල්වරයා සන්තකයේ ගංජා මිලිග්‍රෑම් 900 ක් හා මත්කරල් 7 ක් තිබී පොලිස් භාරයට ගෙන ඇත.

සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ  මීතොට මුල්ල ප්‍රදේශයේදීය.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. වැල්ලම්පිටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.



Recommended Articles