ගංජා පැළ තවානක් වටලා සැකකරුවෙක් කොටුකර ගනී


කොස්ලන්ද, මහලන්ද, අඹකොලආර  රක්ෂිතය ආශ්‍රිත කැලෑබිමක් මැද  පවත්වාගෙන ගිය ගංජා පැළ තවානක්  ඊයේ(16) රාත්‍රී වටලා සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව කොස්ලන්ද පොලීසිය  පවසයි .

මෙම ගංජා පැළ තවානේ අගල් 9ක් උසට වැවුන පැළ 2000 ක්  පමණ තිබූ අතර නඩු භාණ්ඩ වශයෙන් කොටසක් තබාගෙන ඉතිරි වගාව විනාශ කළ බවද පොලිසිය සඳහන් කළේය .

අත්අඩංගුවට ගත් සැකකරු 56 වන වියේ පසුවන තණමල්විල බලහරුව ප්‍රදේශයේ  පදිංචිකරුවෙක් බවද පොලීසිය සඳහන් කළේය .

                                                                                            



Recommended Articles