ගංජා ග්‍රෑම් 8ක් සමග මාලදිවයින් ජාතිකයන් 4ක් දැලේ


කේරළ ගංජා ග්‍රෑම් අටක් සමඟ මාලදිවයින් ජාතිකයෙක් සිව් දෙනෙකු 30 දා, අත්අඩංගුවට ගත් බව කොහුවල පොලීසිය පවසයි .

අත්අඩංගුවට ගත් පුද්ගලයින් 19, 20 ,22 සහ 24 වයසේ පසුවන්නන් බව පොලිසිය කියයි.

කොහුවල පොලිසියේ පොලිස් සැරයන් (33 338)  ප්‍රියන්ත නිලධාරියාට ලද තොරතුරක් අනුව කළුබෝවිල සුජාතා මාවතේ දෙමහල් නිවසක් පරීක්ෂා කිරීමේදී ගංජා සන්තකයේ තබාගත් මාල දිවයින් ජාතිකයින් සිවුදෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය පවසයි.

එහිදී නිවසේ උඩු මහලේ රැඳී සිටි මෙම තරුණයින් සිව්දෙනා පරික්ෂා කිරීමේදී ගංජා ග්‍රෑම් දෙක බැගින්  ,ගංජා ග්‍රෑම් අටක් පොලිස් භාරයට ගැනීමට හැකිවූ බව කියයි .

මෙම තරුණයින් සිව්දෙනා විවිධ පාඨමාලා හැදෑරීම සඳහා දිවයිනට පැමිණ  දෙහිවල, කළුබෝවිල, හැව්ලොක් ටවුන් ,හා ටෙම්පල් පාරේ තාවකාලිකව ලැගුම්හල්වල රැඳී  සිටින බවද  පොලිසිය පවසයි .

සැකකරුවන් ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .

මත්තෙගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න



Recommended Articles