ගංජා කිලෝ 66ක් සමග 03ක් මාට්ටූ


ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව යාපනය, කොවිලන් ප්‍රදීපාගාරය‍ට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේ අද (31දා) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 66 ග්‍රෑම්  600 කට ආසන්න තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු සහ  යාත්‍රාවක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සීජී 409 වේග ප්‍රහාරක මුර යාත්‍රාව මඟින් අද උදෑසන  යාපනය, කොවිලන් ප්‍රදීපාගාරය‍ට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කරන ලදී.

එහිදී සැකකටයුතු යාත්‍රාවක් පරික්‍ෂාවට ලක් කර එහි ගෝනි උර 2ක් තුළ පාර්සල් 30ක් වශයෙන් අසුරා මෙරටට රැගෙන ඒමට උත්සාහ කරමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 66 ග්‍රෑම්  600 කට ආසන්න තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු සහ එම  යාත්‍රාව ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සීජී 409 වේග ප්‍රහාරක මුර යාත්‍රාව මඟින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙහෙයුම් මඟින් අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ  වටිනාකම රුපියල් මිලියන 20 කට ආසන්න වෙතැයි  විශ්වාස කෙරේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 20 සහ 24 යන වයසේ පසුවන වන මුලතිවු සහ මාදගල් ප්‍රදේශයන්හි  පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම සැකකරුවන්, කේරළ ගංජා තොගය සහ  යාත්‍රාව ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා කන්කසන්තුරය, පොලිස් කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

 



Recommended Articles