ගංජා කිලෝ 3ක් සමග අයෙක් දැලේ


කේරළ ගංජා කිලෝග්‍රෑම් 3ක් සහ ග්‍රෑම් 30ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවකු මිද්දෙණිය තලාව කාරියමඩිත්ත ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරින් විසින් ඊයේ (25දා) අත්අඩංගුවට ගනු ලැබීය.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි අයකු බව නිලධාරිහු කියති.
යුද හමුදා බුද්ධි තොරතුරු අනුව පොලිස් විශේෂ කාර්යය බළකායේ දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරිහු වැටලීම සිදුකළහ.

අනීෂා මානගේ 

 



Recommended Articles