ඛණිජ ප්‍රවාහන කටයුතු වෙනුවෙන් දැමූ කොන්දේසි ලිහිල් කරයි


පාසල් පැවැත්වෙන දිනයන් හිදී පෙ.ව. 06.30 සිට පෙ.ව. 07.45 දක්වා සහ පෙ.ව. 11.30 සිට ප.ව. 02.30 දක්වා කාලය තුළ ඛනිජ ප්‍රවාහන කටයුතු සිදු කිරීම අත්හිටුවීම සම්බන්ධයෙන් පනවන ලද නව කොන්දේසිය අත්හිටුවීමට කටයුතු කර තිබේ.

ඒ අනුව, ඉහත කාලසීමාවන් තුළ දී පාසල් අසළ හා සිසුන් පාර මාරුවන ස්ථාන අසළ ඛනිජ ප්‍රවාහන කටයුතු සිදු කිරීම, වාහන වල වේගය සීමාවීමකින් යුතුව පොලිස් නිලධාරීන්ගේ දැඩි අධීක්ෂණය යටතේ සිදු  කිරීමට නියමිතය.

ඒ අනුව පාසල් පැවැත්වෙන දිනයන් හි දී පෙ.ව. 06.30 සිට පෙ.ව. 07.45 දක්වා සහ පෙ.ව. 11.30 සිට ප.ව. 02.30 දක්වා කාලසීමාවන් තුළ ඛනිජ ප්‍රවාහනයේ යෙදීම නව කොන්දේසි සංශෝධනය අනුව සිදු කළ යුතු බව දැනුම් දී ඇත.

පාසල් කාලසීමාවන් තුළදී ඇතිවන අනතුරු වැළැක්වීම වෙනුවෙන් මෙම ක්‍රියාමාර්ග ගෙන තිබේ.

 



Recommended Articles