කෝවිඩ් ආසාදිතයෙක් කොස්ගම රෝහලෙන් පැන යයි


කෝවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර සිදුකරනු ලබන කොස්ගම ප්‍රදේශයේ පිහිටි රෝහලකට ඇතුලත් කරනු ලැබූ 26 හැවිරිදි කොරෝනා වෛරසය ආසාදනය වූ තරුණයෙකු එම රෝහලෙන් අද උදෑසන 6.00 ට පමණ පැන ගොස් ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.

මෙම ආසාදිතයා අද අළුයම 1.30 ට පමණ රෝහල් ගත කර ඇති අතර ඔහු සීතාවක වත්ත, නව කැළණි පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන් වේ.



Recommended Articles