කෝවිඩ් 19ට එරෙහිව සටන් කරන ඉතාලියේ වෛද්‍යවරුන්ට හා හෙදියන්ට දිමනාවක්


ඉතාලියේ කෝවිඩ් 19 වසංගතය පැතිරිම වලක්වාලීමට හා රෝගීන් සුවපත් කිරිමට හා ආරක්ෂා කිරිමට කෙරෙනා සුවිසල් මෙහෙවර උදෙසා වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩලයන්ට අවදානම් දීමනාවක් ලබාදීමට කෝවිඩ් 19 වැඩිම බලපෑමක් ඇති ලොම්බාර්දියාල ටොස්කානා , එමිලියා රොමානියා හා පියමොන්තෙ පළාත් සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.

ඉතාලියේ සෞඛ්‍ය සේවාව පළාත් ආණ්ඩුවලට අයත් වේ.

මේ වන විට කෝවිඩ් 19 න් ඉතාලියේ වෛද්‍යවරුන් 112 ක් හා හෙද  හෙදියන් 28 ක් මියගොස් තිබෙන අතර  රෝහල් කාර්ය මණ්ඩලයන්හි දහතර දහසකට ආසන්න පිරිසක් රෝගය වැළඳි තිබේ.

ඔවුන්ගේ සේවය මුදලින් මැනිය නොහැකි බවත් මෙය ඔවුන්ට ශක්තියක් වීම සදහා ලබා දෙන්නක් පමණක් බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලොම්බාර්දියා පළාත් ආණ්ඩුකාර් අතිලියෝ ෆොන්තානා මහතා පවසා සිටියේය.   

( චන්දන ප‍්‍රනාන්දු ඉතාලියේ  බ්‍රේෂියා  නගරයේ සිට )                                                                         



Recommended Articles