කෝවිඩ් - 19 රෝගීන් ගණන 233ක් වෙයි


කෝවිඩ් - 19 වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 233 ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටියි.

අද (14) සවස් කාලයේදී නව කොරෝනා රෝගීන් 14 දෙනෙක් වාර්තාවී ඇ​ත.

ඒ අනුව අද දිනයේ වාර්තා වූ මුළු රෝගීන් සංඛ්‍යාව 15ක් වනවා.

මින් රෝගීන් 08 දෙනෙක් යාපනයෙන් ද තවත් සිව්දෙනෙක් මුලන්කෝවිල් හි පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයෙන් ද වාර්තා වී ඇත. අනෙක් රෝගියා වාර්තා වන්නේ පුත්තලම ප්‍රදේශයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයකින් වාර්තා වි​ය.

අනෙක් රෝගියා නිරෝධායන මධ්‍යස්ථානයක සිටි අයෙක් බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර සිටියි. 



Recommended Articles