කෝවිඩ් - 19 ආසාදිතයින් වැඩිම පිරිස ගම්පහ දිස්ත්‍රික්කයෙන්


මෙරටින් හඳුනාගත් නව කොරෝනා වෛරස ආසාදිතයින්ගෙන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

මේ වන විට මෙරටින් තහවුරු වී ඇති ආසාදිතයින් 65 දෙනාගෙන් 18 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙයි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 17 දෙනෙකු, පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 12 දෙනෙකු හඳුනාගෙන තිබේ. මීට අමතරව කෑගල්ල, කළුතර, රත්නපුර, ගාල්ල, මාතර, මඩකලපුව සහ බදුල්ල යන දිස්ත්‍රික්කවලින්ද රෝගීන් වාර්තා වී තිබේ.



Recommended Articles