කෝප් හා කෝපා රැස්විම් තාවකාලිකව අත්හිටුවයි


පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) සහ රජයේ ගිණුම් කාරක සභාව (කෝපා) විසින් ඉදිරි සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ කමිටු රැස්වීම් තාවකාලිකව අත්හිටුවා තිබේ.

රටේ පවතින වත්මන් කෝවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මහජන ඒකරාශිවීම් වැලැක්වීම සහ සමාජ දුරස්ථභාවය රඳවා ගැනීම යන සෞඛ්‍ය නිර්ණායක පදනම් කරගෙන කෝප් සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී  මහාචාර්ය චරිත හේරත් මහතා සහ කෝපා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා විසින් මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව එළඹෙන 20 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ කෝප් සහ කෝපා කමිටු රැස්වීම් සියල්ල අත්හිටුවා තිබේ.



Recommended Articles