කෝප් කමිටුවට විදුලි බල මණ්ඩලය කැඳවයි


මෙම සතියේ ලංකා විදුලබල මණ්ඩලය සහ රාජ්‍ය වැවිලි සංස්ථාව පොදු ව්‍යාපාර කාරක සභාව(කෝප්) හමුවට කැඳවා තිබේ.

නව සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පත්වීමෙන් පසු පළමු රැස්වීම හෙට (19දා) පැවැත්වෙන අතර, එහිදී රාජ්‍ය වැවිලි සංස්ථාව කෝප් කමිටුව හමුවට කැඳවා ඇත.

එමෙන්ම අනිද්දා (21දා) දිනයේදීද කෝප් කමිටුව රැස්වන අතර, එදින කෝප් කමිටුව හමුවට ලංකා විදුලිබල මණ්ඩලය කැඳවා ඇත.



Recommended Articles