කෝටියක අයිස් කටුනායකදී අල්ලයි


රුපියල් එක් කෝටි තිස් ලක්ෂයක් වටිනා ග්‍රෑම්  650 ක් බරැති මෙතැම්පටමයින් මත්ද්‍රව්‍ය තොගයක් මෙක්සිකෝ රාජ්‍යයේ සිට මෙරට මාතර ප්‍රදේශයේ ව්‍යාජ ලිපිනයකට ගුවන් තැපැල් මගින් එවා තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින්  ඊයෙ (14දා) සවස කටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගැල් ගම්මානයේ දී අත් අඩංගුවට ගෙන තිබේ .

මෙම ගුවන් තැපැල් පාර්සලය පිළිබඳව සැක සිතූ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් එය භාර ගැනීමට පැමිණි පුද්ගලයා ඉදිරිපිට විවෘත කිරීමෙන් පසුව මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ .

මෙක්සිකෝවේ සිට මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් මේ ආකාරයට ගුවන් තැපැල් ඔස්සේ මෙරටට එවා තිබියදී අත් අඩංගුවට ගත් පළමු අවස්ථාව මෙයවේ .

මෙතැම්පටමයින් ලෙස රසායන විද්‍යාත්මක නාමයෙන් මෙම මත්ද්‍රව්‍ය හැදින්වූවද , ශ්‍රී ලංකා ව්‍යවහාරයේ මේවා අයිස් නමින් හදුන්වති .

මෙම මත්ද්‍රව්‍ය තොගය  පිළිබඳව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය සමග පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් ද වැඩිදුර විමර්ශන වල නිරත වී සිටිති .

මෙම ගුවන් තැපැල් පාර්සලය භාර ගැනීමට පැමිණි පුද්ගලයා මේ වනවිට රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .



Recommended Articles