කෝටිපති ව්‍යාපාරික බිරිඳ පැද වූ සුඛෝපභෝගී මෝටර් රථයට පොල්ගස්ඕවිට වෙල කුඹුර මාර්ගයේදී පැන ඇති ඇයගේ සැමියා අද (21දා) අළුයම ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
මෙලෙස සිය දිවි නසාගෙන ඇත්තේ පොල්ගස්ඕවිට වෙල කුඹුර මාර්ගයේ පදිංචිව සිටි රිනොස් ඉඳුනිල් බණ්ඩාර (42) නැමැත්තෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් එම ව්‍යාපාරික කාන්තාව අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි
එම ව්‍යාපාරික කාන්තාව සහ මියගිය පුද්ගලයා යන දෙදෙනාම මීට පෙර විවාහක අය බවත් මීට වසර තුනකට පමණ ඉහත දී ඔවුන් නිත්‍යානුකූලව විවාහ ගිවිසගෙන තිබූ බව පොලිසිය කියයි.
මියගිය පුද්ගලයා තදින්ම මත්කුඩුවලට ඇබ්බැහි වූවෙකු බව ද ඔහු ව්‍යාපාරික කාන්තාවගේ මුදල් ඉල්ලා නිරතුරුවම ඇයට පහර දීම හේතුවෙන් පවුල් ආරවුල් කිහිපයක් සම්බන්ධයෙන් කහතුඩුව පොලිසියට පැමිණිලි කීපයක් ලැබී ඇතැයිද පොලිස් නිලධාරියෙක් පැවැසීය.
පෙරේදා 20 සවස මියගිය පුද්ගලයා සැකකාර බිරිඳගෙන් මුදල් ඉල්ලා ඇය හා ආරවුල් ඇතිකර ගැනීමෙන් හේතුවෙන් ඇය සැමියාව නිවසින් පිටතට දමා දොර වසා පාමංකඩ පෙර විවාහයේ වැඩිමල් දියණියගේ නිවසට ගොස් තිබේ. පසුව ඇය නැවතත්ව රාත්‍රී නිවසට පැමිණීමෙන් අනතුරුව මියගිය සැමියා ඇයට දුරකතනයෙන් බැණ වැදී ඇති බව විමර්ශනවල දී හෙළි වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
පසුව ඔහු නිවසේ ජනේලයක් කඩා නිවසට ඇතුළු වී තිබූ බව එම කාන්තාව ලබා දුන් ප්‍රකාශයක සඳහන් වෙයි. ඒ සම්බන්ධයෙන් ව්‍යාපාරික කාන්තාව කහතුඩුව පොලිසියටද පැමිණිලි කර තිබිණි.
මෙම ව්‍යාපාරික කාන්තාව තමදියණියගේ සැමියා නිවසට ගෙන්වාගෙන ඔහු සමග අලුයම යළි දියණියගේ නිවස කරා මෝටර් රථය පදවා ගෙන යාමේදී මියගිය පුද්ගලයා පොල්ගස්ඕවිට හන්දිය ආසන්නේ සැඟවී සිට එකවරම මෝටර් රථයට පැන තිබේ.
මෙහිදී ව්‍යාපාරික කාන්තාව දැඩි ආයාසයක් දරා මෝටර් රථය විරුද්ධ දිසාවට හැරවීම හේතුවෙන් එම අවස්ථාවේදී මෝටර් රථයේ ගැටී නොමැති බව පොලීසිය කියයි.
කෙසේ වෙතත් ව්‍යාපාරික කාන්තාව සිය මෙහෙකාරියට ජංගම දුරකථනය ලබාදීම සඳහා වෙනත් මාර්ගයක් ඔස්සේ නිවසට පැමිණ මෙහෙකාරියට ජංගම දුරකථන ලබා දී ආපසු ගොස් තිබේ.
අය වෙල කුඹුර මාර්ගය ඔස්සේ පොල්ගස්ඕවිට හංදිය දෙසට පැමිණීමේදී මාර්ගයේ රැඳී සිටි සැමියා යළිත් එක් වරම මෝටර් රථයට පැන ඇති අතර එහිදී ඔහු මෝටර් රථයට යට වී තිබේ.


