කෝටි හතක් වටිනා රත්තරන් බිස්කට් 48ක් සමඟ අයෙක් රේගු අත්අඩංගුවට


රුපියල් කෝටි 07 ක් (රුපියල් මිලියන 70 ) වටිනා රත්තරන් බිස්කට් 48 ක් තම සිරුරේ උදරය ආශ්‍රිත ප්‍රදේශයේ සූක්ෂම ලෙස  සගවා ගෙන , කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීමට තැත් කළ ගුවන් තොටුපළ පිරිසිදු කිරීමේ සේවක අධීක්ෂණ නිලධාරීවරයෙකු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද දින අලුයම 02.00 ට පමණ අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය .

මොහු අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙකි.

ගුවන් තොටුපළ සංක්‍රමණික මගී පර්යන්තයේ වූ වැසිකිළියක් තුළ සගවා තිබූ මෙම කිලෝ ග්රැම් 04 යි ග්රැම් 848 ක් බරැති  රන් බිස්කට් තොගය , මොහු මෙසේ ගුවන් තොටුපළෙන් පිට කිරීමට තැත් කර තිබේ .

මේ පුද්ගලයා ගුවන් තොටුපළ තුළ සේවය සදහා මෑතකදී එක් වී ඇති අතර , මෙම සිදුවීම , ඔහු පළමු වරට සිදු කළ බව , රේගු නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර තිබේ .



Recommended Articles