කෝටි තුනක අයිස් මත්ද්‍රව්‍ය තොගයක් රේගු අත්අඩංගුවට


රුපියල් කෝටි තුනක් ( මිලියන 30 ) ක් වටිනා මෙතැම්පටමයින් හෙවත්  අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ඉන්දියාවේ සිට ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු විසින් නීතිවිරෝධී ලෙස මෙරටට  රැගෙන එමින් සිටියදී 12/04 දින අලුයම කටුනායක ගුවන් තොටුපළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය .

මොහු කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි ව්‍යාපාරිකයෙකි .

මොහු කිරිපිටි පෙට්ටි තුළ සගවා ගෙන , පාර්සල් දෙකක් ලෙස සකස් කර ඒවාද සිය ගමන් මල්ල තුළ සගවා

මෙම අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්රැම් 01 යි ග්රැම් 500 ක ප්‍රමාණය ගෙනැවිත් තිබුණි .

12/04 දින අලුයම 04.45 ට ඉන්දියාවේ චෙන්නායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 126 දරන ගුවන් යානයෙන් මෙම පුද්ගලයා පැමිණ තිබුණි .

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගය සහ ඒවා නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ව්‍යාපාරිකයා වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපළ තුළ පිහිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ .

ඔවුන් මේ වනවිට මෙම පුද්ගලයා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගනිමින් සිටිති .



Recommended Articles