කෝටි අටක කුෂ් මත්ද්‍රව්‍ය සමග ගුවන් මගියෙක් අල්ලයි


රුපියල් අට කෝටි විසි දෙලක්ෂයක් වටිනා " කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු 01/25 දින ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොහු දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි වියේ පසුවන , රාත්‍රී සමාජ ශාලාවක පෞද්ගලික ආරක්ෂක නිලධාරීවරයෙකි.ඔහු 01/25 දින අලුයම 04.00 ට ඕමානයේ මස්කට් නුවර සිට ස්ලාම් එයාර් ගුවන් සේවයේ ඕ.වී.- 437 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 02 ක් තුළ පැකට් 08 ක් තුළ අසුරා , මෙම " කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 08 යි ග්‍රෑම් 220 ක ප්‍රමාණය සගවා ගෙන තිබුණි .

මෙම ගුවන් මගියා සහ " කුෂ්" මත්ද්‍රව්‍ය තොගය මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා 01/25 දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .



Recommended Articles