කෝටි 22 ක රත්‍රං සමඟ සැකකරුවෙකු රේගු අත්අඩංගුවට


රුපියල් කෝටි 22 වටිනා  රත්තරන් කිලෝ ග්‍රෑම් 17 ක් කටුනායක බණ්ඩාරනායක  ජාත්‍යන්තර  ගුවන් තොටුපළෙන්  පිටකරගෙන යෑමට තැත්කළ ගුවන්තොටුපල පිරිසුදු කිරීමේ සමාගමක සුපරීක්ෂක වරයෙකු නොයෙකුත් මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද දින උදෑසන  අත්අඩංගුවට ගෙන තිබේ .

මොහු මීගමුව ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකි .

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් මොහු අත්අඩංගුවට ගෙන මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ .

 



Recommended Articles