කෝටි 20ක රන් ඉන්දියාවට යවන්න බැරි වෙයි


කල්පිටිය කළපුව ඔස්සේ ඉන්දියාවට රැගෙනයාමට තැත් කළ රත්තරන් කිලෝ අටයි ග්‍රෑම් හාරසිය පනහක් ,කල්පිටිය වන්නිමුන්දලම කළපුවේදී කල්පිටිය නාවුක හමුදාව විසින් 13 දින අලුයම අත් අඩංගුවට ගෙන ඇත.

මෙම රත්තරන් තොගය සමග සැක කරුවන් දෙදෙනෙකු ද අත් අඩංගුවට ගෙන ඇත.සැක කරුවෝ කල්පිටිය මන්ඩල කුඩාව පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකු සහ කල්පිටිය මොහමදියාපුරම් පදිංචි 42 හැවිරිදි විවාහකයෝ වෙති.රන් තොගයේ දළ වටිනාකම රුපියල් කෝටි 20 කට ආසන්න බව වාර්තා වෙයි. 

සැකකරුවන් සහ රන් තොගය ශ්‍රී ලංකා රේගුව වෙත භාර දීමට නියමිතය.

කල්පිටිය කුමාරි කොට්ටච්චි



Recommended Articles