කෝටි 15 අධික වටිනා මත්කුඩු සමඟ 7 අත්අඩංගුවට


දංකොටුව කොස්වත්ත කිරිමැටියාන ප්‍රදේශයේ සිදුකළ වැටලීම් තුනකදී  රුපියල් කෝටි 15 අධික වටිනා හොරෙයින්  මත්කුඩු  තොගයක් සමග පුද්ගලයින් හත් දෙනෙක්  අත්අඩංගුවට ගත් බව පොලිස්  මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි .

එම සැකකරුවන් සමග මෝටර් රථයක්  හා  යතුරු පැදියක්  පොලිසිය භාරයට ගෙන ඇත  

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ලද තොරතුරක් අනුව කොස්වත්ත කිරිමැටියාන ප්‍රදේශයේදී මත්කුඩු ග්‍රෑම් 360 සමග අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී  තවත් පුද්ගලයන් දෙදෙනෙක් යතුරුපැදියකින් මත් කුඩු  කිලෝ 2 ග්‍රෑම් 232 රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේ දී කිරිමැටියාන ප්‍රදේශයේ නිවසක ගබඩා කර තිබූ මත්කුඩු කිලෝ 13 ග්‍රෑම් 405   තවත් පුද්ගලයෙකු  අත්අඩංගුවට ගත් බව බව පොලිසිය කියයි .

 

එම සැකකරුවන්ගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය  ජාවාරම සඳහා  ආධාර අනුබල දුන් බව කියන තවත් පුද්ගලයන් තිදෙනෙක්අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි 

සැකකරුවන් සියලු දෙනා වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත රැගෙනවිත් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට නියමිතය 

 පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි 



Recommended Articles