කෝටි 1250ක මත්ද්‍රව්‍ය නාවික හමුදා අත්අඩංගුවට


ශ්‍රී ලංකා නාවික හමුදවේ ගැඹුරු මුහුද ආවේක්‍ෂණ නෞකාවක් වන ශ්‍රීලංනානෞ සයුර මගින් 2020 මාර්තු 28 (සෙනසුරාදා) දින උදෑසන 09.30ට ශ්‍රී ලංකාවේ දකුණු වෙර‍ළේ සිට නාවික සැතපුම් 463ක පමණ දුරකදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි යාත්‍රාවක් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම විදේශීය යාත්‍රාව රාජ්‍යක ධජයක් රහිතව (Flag state) සහිතව ජාත්‍යන්තර මුහුදේ දී නිරීක්‍ෂණය කර, එය පරීක්‍ෂාවට ලක් කල අතර, එහි තිබී අයිස් නම් මත්ද්‍රව්‍ය 500kg පමණ වන ප්‍රමාණයක් ද, කොකේන් ලෙස සැක කරන මත්ද්‍රව්‍ය 500 kg ප්‍රමාණයක් ද සොයාගන්නා ලදී. තවද එහි බාබුල් නම් මත්ද්‍රව්‍ය පැකට් 200ක් සහ තවත් හඳුනා නොගත් මත් පෙති 100g ක් පමණ වන ප්‍රමාණයක් ද ඇති බව වාර්තා වේ.

ඒවායේ විදී අගය (Street Value) මත මූල්‍යමය වටිනාකම මෙතෙක් ගණනය කර නොමැති අතර, පොදුවේ සියල්ලම ගත් කල රුපියල් මිලියන 12,500.00 ට අධික  වේ යැයි අනුමාන කෙරේ.

මෙම විදේශීය යාත්‍රාව ශ්‍රී ලංකා නාවික හමුදාව වැඩිදුර පරීක්‍ෂණ සඳහා අප්‍රේල් මස 01 වන දින දික්ඕවිට වරායට ගෙන දැඩි පරීක්‍ෂාවකට පත් කිරීමට නියමිතය. මෙය මෙම මාස 02 තුල ජාත්‍යන්තර මුහුදේදී ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය රැගෙන එමින් තිබියදි අත් අඩංගුවට ගත් 03 වන විදේශීය යාත්‍රාව වේ. මීට පෙර පෙබරවාරි මස 22 සහ 25 දින මත්ද්‍රව්‍ය රැගෙන එමින් සිටි විදේශීය යාත්‍රා දෙකක් හා එයින් ලංකාවට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කල ශ්‍රී ලාංකීය ධිවර යාත්‍රාවක් අත් අඩංගුවට ගත් අතර, විදේශිකයින් 16 හා ශ්‍රී ලාංකිකයින් 05 කුත් මුහුදේදී ප්‍රවාහනයට සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් 06  දකුණු ප්‍රදේශයේදී අත් අඩංගුවට ගන්නා ලදී.

මෙලෙස ජාත්‍යන්තර මුහුදේ මත්ද්‍රව්‍ය රැගෙන එන යාත්‍රාවන් පිළිබඳව ශ්‍රී ලංකා නාවික හමුදාව චන්ද්‍රිකා තාක්‍ෂණය උපයෝගී කරගෙන නිරතුරුවම සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලැබේ. මෙම මත්ද්‍රව්‍ය සැපයුම් ජාලයේ විදේශ මෙන්ම දේශීය කොටස්කරුවන් පසුපස පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාලය හා එකාබද්ධව කටයුතු කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු යොදා ඇත.



Recommended Articles