කෝටි 10ක රන් ජෙල් සමග සේවිකාවක් කටුනායකදී අත්අඩංගුවට


රුපියල් කෝටි දහයකට අධික වටිනාකමක් සහිත රත්තරන් ජෙල් ද්‍රාවණයක් අඩංගු පාර්සල් 04 ක් තම සිරුරේ රහස් ප්‍රදේශයේ සගවා ගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කිරීමට රැගෙන යමින් සිටි ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සේවිකාවක් 07/04 දින උදෑසන ගුවන් තොටුපොළ ආරක්ෂක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව එම ආරක්ෂක අංශයේ උසස් නිලධාරීවරයෙකු පැවසීය.

24 හැවිරිදි මෙම තරුණිය කටුනායක ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ රූපලාවන්‍ය භාණ්ඩ අලෙවි කරන සාප්පුවේ සේවිකාවකි.

ඇය මෙම කිලෝ ග්‍රෑම් 05 කට අධික බරකින් යුතු රත්තරන් ජෙල් අඩංගු පාර්සල් 04 ක් සිය සිරුරේ රහස් ප්‍රදේශයේ සගවා ගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් 07/04 දින උදෑසන 08.45 ට පමණ  පිටතට යමින් සිටියදී , ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් පිරිසක් මෙම සිදු වීම ගුවන් තොටුපොළ ආරක්ෂක කැමරා පද්ධතියෙන් නිරීක්ෂණය කිරීමෙන් පසු මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

මේ වනවිට මෙම තරුණිය සහ එසේ අත් අඩංගුවට ගෙන ඇති රත්තරන් ජෙල් තොගය වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දී තිබේ .



Recommended Articles