කෝට්ටේ නගරාධිපතිට පහරදිමක්


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන කෝට්ටේ නගරාධිපති අයි.එම්.වී. ප්‍රේමලාල්ට පිටකෝට්ටේ ප්‍රදේශයේ දී පහරදීමක් සිදුව තිබෙනවා.

වාහන තදබදයක් හේතුවෙන් ඇතිවූ බහින්බස් වීමක් දුරදිග ගොස් පුද්ගලයන් දෙදෙනෙක් එක්ව පොලුවලින් මෙම පහර දීම සිදු කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

තුවාල ලැබූ නගරාධිපතිවරයා රෝහල් ගත කර තිබෙනවා. සිද්ධිය  සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

 



Recommended Articles