කොළඹින් වතුකරයට පැමිණි පිරිස නිවාස වලම ස්වයං නිරෝධානයට


කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග පැනවු ඇදිරි නිතිය හමුවේ කොළඹ ප්‍රදේශයේ රැකියා වල නිරතව සිටි විශාල පිරිසක් කොළඹ ප්‍රදේශයේ මාසයකට වැඩි කාලයක් රැඳී සිටිහ.

ඒ අතරින් වතුකරයේ පදිංචි එම පිරිස වතුකරයට පිවිසිමට නොහැකිව දැඩි පිඩාවට පත් ව සිටියදි රජය මැදිහත්විමක් මත ඊයේ (02දා) නුවරඑලිය දිස්ත්‍රික්කයට ලංගම බස් රථ මගින් 370 දෙනෙකු පැමිණ ඇති බව හැටන් පොලීසිය පැවැසීය.

හැටන් පොලිස් කොට්ඨාශයට අයත් ගිනිගත්හේන , වටවල , හැටන් දරවල , නොර්වුඩ් , මස්කෙලිය යන ප්‍රදේශවල පිරිසක්ද එ අතර සිටින අතර ඔවුන්  ප්‍රදේශයභාර  මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් ස්වයං නිරෝධානයක් සඳහා යොමු කිරිමට නියමිතය.



Recommended Articles