කොළඹින් පිටතට යන අයට අහඹු ඇන්ටිජන් පරීක්ෂණ


අවුරුදු සමයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් පිටතට යන පිරිස් සඳහා සංචරණ සීමා පැනවීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

කෙසේ වෙතත්, කොළඹ දිස්ත්‍රික්කයෙන් පිටතට යන පුද්ගලයින් සඳහා අහඹු ලෙස ඇන්ටිජන් පරීක්ෂණ සිදු කෙරෙන බවයි යුධ හමුදාපතිවරයා සඳහන් කළේ.

මෙවර අවුරුදු සමයේදී සෞඛ්‍යාරක්ෂිතව සිය අවශ්‍යතා ඉටු කරගැනීම සියලුදෙනාගේ වගකීම බවයි යුධ හමුදාපතිවරයා සඳහන් කළේය.

 

 



Recommended Articles