කොළඹ නගරයට ඇතුළු වන වාහන පරීක්ෂා කිරීමෙන් අනතුරුව අද (02) සිට එක් දිනකට පමණක් වලංගු විශේෂ ස්ටිකරයක් හඳුන්වා දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, සංචරණ සිමා කාලයේ එකම වාහනයක් නැවත නැවත පරීක්ෂා කිරීම වැළක්වීම සඳහා මෙම ස්ටිකරයක් හඳුන්වා දෙන බවයි.
ඒ අනුව අත්‍යාවශ්‍ය සේවා සඳහා පැමිණෙන වාහන දැඩි පරීක්ෂාවකට ලක් කර එක් ස්ථානයකදී අදාළ ස්ටිකරය අලවන අතර එය ඇලවීමෙන් පසු අද දිනට පමණක් අදාළ වාහනයට ගමන් කිරීමේ හැකියාව ලැබෙනු ඇත.
මෙම නව ක්‍රමවේදය හඳුන්වා දී ඇත්තේ, අත්‍යාවශ්‍ය සේවා සඳහා වාර්තා කරන පිරිස් සඳහා ප්‍රමාදයන් සිදුවන බවට ලද පැමිණිලි සලකා බැලීමෙන් පසුවයි.
කෙසේ වෙතත් විශේෂ අවශ්‍යතාවක් ඇති වන අවස්ථාවලදී නැවත නැවත පරීක්ෂාවන් සිදු කිරීමට ඉඩකඩ ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

